පාසල් 24කින් කොවි’ඩ් ආ සාදිතයින්

පසුගිය 12 වැනිදා සිට 22 වැනිදා දක්වා දින 10 තුළ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් 24ක සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනධ්‍යයන සේවකයින් ඇතුළුව 49 දෙනෙකු කොවි’ඩ් නයින්ටීන් ආසා දිතයින් බවට හඳුනාගෙන තිබේ.ඒ අතර සිසුන් 30 දෙදෙනකු සිටීම විශේෂත්වයකි.

එමෙන්ම ඊයේ මොරවක රෝහලේ සහ සෞඛ්‍ය වෛද්‍ය නි ලධාරී කාර්යාලයේ සිදුකළ ඇන්ටිජන් ප රීක්ෂණ මගින් නව ආ සාදිතයින් 50 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

මේ අතර උත්සව සමයේ අව දානම් තත්ත්වයක් උද්ගතවිය හැකි බැවින් ජනතාව සෞඛ්‍ය ආ රක්ෂිත පියවර අනුගමන කළ යුතු බව වෛද්‍යවරුන් නැවත අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙ නරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

“සාප්පුවලට සීමිත පිරිසක් ඇතුළත් කරගන්න. වෙළෙඳසැල් පවත්වාගෙන යන්නේ අව දානමක් ඇතිවයි. සෞඛ්‍යාර ක්ෂාවෙන් තොරව වෙළෙඳසැල්වලට ගියොත් අව දානම තව වැඩිවෙයි. ඔබලා නැවත අව දානමක් ගන්න එපා.”

මේ අතර සි යයට අනුවක්ම ළමුන්ට කොවි’ඩ් ආසා දනය වන්නේ දෙමාපියන්ගෙන් බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය පවසයි.එම නිසා සෑම විටම දෙමාපියන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

ළමයෙක්ගෙන් තවත් ළමයෙකුට කොවි’ඩ් වයිරසය ආසා දනය වීම අවම මට්ටමක ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සි යයට බින්දුවයි දශම බින්දුවයි හතරකි.

ළමුන්ගේ ශරීරයේ නිපදවන වයිරස් ප්‍රමාණය අඩු වීම නිසා මෙලෙස ළමයෙකුගෙන් තවත් ළමයෙකුට කොවි’ඩ් ආසා දනය වීම අවම මට්ටමක පවතියි.

මේ දිනවල පාසල් යන ළමුන් පාසලට යන අවස්ථාවේ අනුගමනය කරන සෞඛ්‍ය මා ර්ගෝපදේශ පාසල ඇරි නිවසට පැමිණිමේදි ද අනුගමනය කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරයි.

-Aruna lk / Adaderana lk වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදී.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න..