“මගෙන් පස්සේ රාජපක්ෂලා භාර ගත්තේ ඉතාමත් ම හොඳ රටක්” – මෛත්‍රී (VIDEO)

තමා ජනාධිපති ධූරයේ සිටින කාලයේ වර්තමානයේ පවතින ප්‍රශ්න කිසිවක් රට තුළ නොතිබුණු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (මැයි 1) පොලොන්නරුවේ පැවති මැයි දින රැලියට එක්වූ අවස්ථාවේදී ය.

තම ධූර කාලයෙන් පසුව, රාජපක්ෂ පවුලේ දේශපාලනඥයින් භාර ගත්තේ ඉතා හොඳ රටක් බව ද ඔහු එහිදී පැවසීය.

“මම ජනාධිපති ධූරය, මාස එකහමාරයි අඩු අවුරුදු 5ට. ඒ තනතුරේ සිටින කාලයේ අද මේ තියෙන ප්‍රශ්න කිසි ම දෙයක් මේ රටේ තිබුණේ නැහැ. රාජපක්ෂ මහත්වරු භාර ගත්තේ ඉතාමත් ම හොඳ රටක්. “

ඔහු පෙන්වා දුන්නේ, මේ වන විට රට ඛේ දවාචකයකට මුහුණ දී සිටින බව ය.

ඒ අනුව, තම බලාපොරොත්තුව නව ආණ්ඩුවක් පිහිටුවීම බව සිරිසේන මහතා එහිදී වැඩිදුරට ත් පැවසීය.

-Mawbima පිටුවෙන් උපුටා ගන්නා ලදී.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න..