“ජනපති-අගමැති අපේ විශ්වාසය සම්පූර්ණයෙන් ම බිඳ දැමුවා” ජීවන් තොණ්ඩමන්ගෙන් සැර ප්‍රකාශයක්

රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් වීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කළ බව එහි මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (මැයි 1) දී තිබුණු ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ලංකා කම්කරු කොංග්‍රසයයේ මැයි දින රැලිය අමතමිනි.

ජනතාවට පී ඩාවක් ගෙනදුන් වත්මන් රජයේ සිටිමින් තමන්ට ත නතුරු දැරීමට අවශ්‍යතාවක් නොමැති බැවින් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

“අපි ත් ඔබ ත් මේ රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබලා තමයි කටයුතු කරේ.නමුත් එම විශ්වාසය මේ වන විට සම්පුර්ණයෙන් ම බිඳ වැ ටිලා තියෙද්දී අපි කොහොම ද රජයට සහයෝගය දක්වන්නේ?

වරදක් කළා ම එයට ස මාව ලබා දෙන්න පුළුවන්. එම ව රද ම අවස්ථා කිහිපයකදී සිදු කරනවා නම් එවාට සමාව දෙන්නේ කොහොම ද?

වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් ලංකා කම්කරු කොංග්‍රසය ගත වූ වසර කිහිපය තුළ කටයුතු කරලා තියෙනවා.

වතුකරය වෙනුවෙන් කොටගල ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක් ඉදි කරන්න මම ජනාධිපතිතුමාගෙන් ඉඩම් කැබැල්ලක් ඉල්ලුවා. එම ඉඩම ලබා දෙන්න ජනාධිපතිවරයා අපට සහයෝගය ලබා දුන්නේ නෑ.

අද රටේ සමස්ත ජනතාව වගේ ම වතුකරයේ ජනතාව ත් දැ ඩි ලෙස පී ඩාවට පත් වෙලා ඉන්නවා. එහෙම පී ඩාවට පත් වෙලා ඉන්න අවස්ථාවක මම ත නතුරු ගැන නොසිතා ඔබ ගැන පමණක් සිතා ත නතුරුවලින් සහ රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් වීමට තීරණය කළා.

අද සමහරු අපිව විවේචනය කරනවා, අපි මේ රජය පත් කරන්න කටයුතු කරපු අය කියලා.විවේචන කර කර ඉඳලා වැඩක් නෑ. අපි සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කළොත් තමයි වතුකරයේ ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදෙන්න පුළුවන්.

අද විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා කියනවා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 120 දෙනෙකු ඔවුන්ට සහයෝගය දක්වනවා කියලා.ආණ්ඩු පක්ෂය කියනවා රජයට සහයෝගය දක්වන මන්ත්‍රීවරුන් 120 අත්සන් කරලා තියෙනවා කියලා.

පාර්ලිමේන්තුවෙන් ඉන්නේ මන්ත්‍රීවරුන් 225 දෙනෙයි, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියන විදිහට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 240ක් ඉන්න ඕනේ.

පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න අය රටේ ජනතාවට පෙන්න ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය රණ්ඩු කර ගන්නවා, ඒ කැමරාවට පේන්න. කැමරාව නැති තැන එයාලා ඔක්කෝ ම එකට ඉන්නේ.

මේකයි ඇත්ත. දැනවත් අපි ඒක තේරුම් ගන්න ඕනේ. රටේ ජනතාව හැමදා ම ර වට්ටන්න බෑ. අද තරුණයන් පෙරමුණට ඇවිල්ලා තියෙනවා. ඒක හොඳ දෙයක්.මම ත් තරුණයෙක් විදිහට එයට සහයෝගය දක්වනවා.

ඕනෑ ම රජයක් බ ලයට පත්වුණා ම අපට දෙන්නේ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය හෝ නැත්නම් පශු සම්පත් අමාත්‍යංශය.ඇයි අපිට මේ රටේ අගමැති වෙන්න බැරි ද? අපිට අධ්‍යාපන ඇමති වෙන්න බැරි? ආරක්ෂක ඇමතිකම අපිට සුදුසු නැද්ද?

අද අපේ වතුකරයේ ඉන්න ඇතැම් දේශපාලනඥයෝ අහනවා අපි රජයක් පිහිටු වීමට සහයෝගය ලබා දෙන්නම් මොනවා ද අපිට ලබා දෙන තනතුරු කියලා.

ත නතුරු බලාගෙන තමයි ඒ අය වැඩ කරන්නේ. ලංකා කම්කරු කොංග්‍රසය ත නතුරු බලාගෙන වැඩ කරන පක්ෂයක් නෙවෙයි.

ලංකා කම්කරු කොන්ග්‍රසය හැමදා ම වතුකරයේ ජනතාව වෙනුවෙන් වැඩ කරපු පක්ෂයක්.

ඉදිරියට ත් එහෙමයි. මට ලොකු සිහිනයක් සහ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි වතුකරය සම්පුර්ණයෙන් ම වෙනස් කරන්න ඕනේ කියන එක. ඒක මගේ නායක දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතාට ත් තිබුණා.”

රංජිත් රාජපක්ෂ – හැටන්

-Mawbima පිටුවෙන් උපුටා ගන්නා ලදී.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න..