හිටපු අගමැති මහින්ද අත්අඩංගුවට ගන්නැයි නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක්..

ඊයේ (09) දින “මයිනා ගෝගම” සහ “ගෝඨා ගෝගම” යන අ රග ලවලට එල්ල කළ ප්‍ රහාරය සැලසුම් කළ හිටපු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වහා අත්අ ඩංගුවට ගෙන නීතීය ක්‍රියා ත්මක කරන ලෙස නීතිඥවරු පොලිස්පති වරයාගෙන් ඉල්ලා සිටී.

කොළඹ මහෙස්ත්‍රාත් අධික රණ යේ අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුව කදී අදහස් දැක්වූ නීතිඥ ගුණරත්න වන්නිනා යක මහතා එම ඉල්ලීම ඉදිරිපත් කළේය.

වැඩි දුරටත් කරුණු දැක්වූ නීතිඥ වන්නිනායක මහතා ඊයේ දින ප්‍ර හා රය සිදු වන්නට ඉඩ දී පොලීසිය බලා සිටි බව චෝද නා කළේය.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ප්‍රහා රය සැලසුම් කළ බව චෝදනා කළ නීතිඥ වන්නිනායක මහතා ආරක්ෂක ලේකම්, පොලිස්පති, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් එම ප්‍රහා රයට ආ ධාර අනු බල දුන් බව සඳහන් කළේය.

එබැවින් මෙම පිරිසට එරෙ හිව වහා නීති ය ක්‍රියාත්මක කළ යුතු යැයි ද නීතිඥ වන්නි නායක මහතා වැඩි දුරටත් අව ධාරණය කළේය.

-Ada derana lk (News Update : May 10, 2022 12:02 pm ) පිටුවෙන් උපුටා ගන්නා ලදී.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න..