ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානය අන’තුරු ඇඟවීමක්
ලබන වසරේ මාර්තු මාසය වනවිට තවත් ලක්‍ෂ 7ක පමණ පිරිසක් කො’විඩ් හේතුවෙන් ම’රණ යට පත්වීමට ඉඩ ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අන;තුරු අඟවයි.

ඒ අතරින් වැඩි පිරිසක් යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ රටවලින් වාර්තා වනු ඇති බව ඔවුහු පවසති.

මේ අනුව ඒ වනවිට මෙම කලාපයේ සමස්ත කො’විඩ් ම;රණ සංඛ්‍යාව මිලියන 2.2ක් පමණ වනු ඇත. යුරෝපය නැවතත් කො;විඩ් ව;සං ගතයේ කේන්‍ද්‍රස්ථානය බවට පත්ව ඇති අතර ගෝලීය වශයෙන් වාර්තා වන සමස්ත ආසා;දි තයන්ගෙන් අඩකටත් වඩා වාර්තා වන්නේ මෙම කලාපයෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපා කලාපය ලෙස හඳුන්වන කලාපයට රටවල් 53ක් අයත් වේ.

මෙම රටවලින් වැඩි සංඛ්‍යාවක රෝහල්වල දැ’ඩි ස’ත්කාර ඒකක මත ඉතා දැඩි පීඩ;නයක් එල්ල වීමට නියමිත බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ වනවිට යුරෝපා කලාපය තුළ සිදුවන ම;රණවලින් වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ කො;විඩ් රෝගය නිසා බවද අනාවරණය වී ඇත.

මෙම කලාපයේ කො;විඩ් ආශ්‍රිත ම;රණ පසුගිය දිනවල දෙගුණයක් දක්වා වැඩි වී තිබූ අතර මේ වනවිට මෙම කලාපයෙන් දිනකට එවැනි ම;රණ 4,200ක් පමණ වාර්තා වේ. රුසියාවෙන් පමණක් දිනකට ම’රණ 1,200ක් පමණ වාර්තා වන තත්ත්වයක් මතුව තිබේ.

මෙම කලාපයේ ඇතැම් රටවල් නැවතත් අගුළුලෑම් ක්‍රියාත්මක කිරීමට පවා පියවර ගෙන ඇත. ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය වැනි රටවල් ඉදිරියේදී සම්පූර්ණයෙන් එන්නත් කළ පුද්ගලයන් ලෙස සලකනු ඇත්තේ එන්නත් මාත්‍රා තුනක් ලබාගත් පුද්ගලයන් බවද සඳහන් වේ. යුරෝපයේ ඇතැම් රටවල එන්නත්කරණය අඩු මට්ටමක පැවැතීමත්, ශීත සෘතුව එළැඹෙමින් තිබීමත්, වඩාත් වේගයෙන් පැතිරෙන ඩෙ;ල්ටා ප්‍රභේදය ප්‍රධාන ප්‍රභේදය බවට පත්ව තිබීමත් යුරෝපයේ වlසං ගතය උත්සන්න වීමට හේතු ලෙස විශේෂඥයෝ පෙන්වා දෙති.

-Aruna Lk (News Update : November 17, 2021) වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදී.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න..