ඉල්ලීම් කරද්දී ප්‍රවේශම් වෙන්න : පා’ස්කු ප්‍ර හා’රය ගැන යහ පාලන පාලකයින්ට ජනපතිගෙන් පණිවිඩයක් (VIDEO)

පා’ස්කු ප්‍රහා’රය පිළිබඳ විමර්ශ නයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහා’රයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබෙනවා. එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අප’රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු වෙනුවෙන් යොමු කර තිබෙනවා, පාර්ලිමේන්තු පනතකින් කොමිසම හෙළි කළ වැරදි කරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය (2/3) ආණ්ඩුව සතුයි. එම නිසා ඉල්ලීම් කරන විට ප්‍රවේශම් වන ලෙසත් ජනතාව නො රවටන ලෙසද ජනාධිපතිතුමා විපක්ෂයට කියා සිටියා.

” ඒ අයම පත් කළා ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමේ පැහැදිලිවම කියල තියෙනවා වැරදි කාරයෝ කවුද කියලා. එවකට හිටිය ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමති මණ්ඩලය මේකට වගකියන්න ඕන කියලා පැහැදලිවම කියල තියෙනවා. අපි ඒ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඇටර්නි ජනරල්ට ලබා දීලා තියෙනවා, අප’රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා ඒ ගැන පරීක්ෂණ කරලා ඒ අයට නිසි දඩුවම් ලබා දෙන්න කියලා.

හැබැයි අර ගිය ආණ්ඩුව වගේ අපි දේශපාලන පලිගැනීම් ගන්න අපි ඇඟිලි ගහන්නේ නැහැ. ඇයි අපිට කිව්වේ නීතිය ස්වාධිනත්වය තියන්න කියලා අධිකරණයේ. එක පැත්තකින් අධිකරණයේ ස්වාධි නත්වය ඉල්ලන කොට තව පැත්තකින් කියන්න බැහැ අහ වලාව ගෙන්න අහවලාව දඩුවම් දෙන්න කියලා. ඒක අධිකරණය කරයි. හැබැයි විශ්වාසයක් තියෙනවා.

හැබැයි කඩිනමින් කරන්න ඕන නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා, එහෙම කරලා තියෙනවා මීට ඉස්සෙල්ලා. ඒ වගකියන අයගේ අයිතිවාසිකම් අ’හෝසි කරලා දාන්න. ඒ කරපු වැරදි තවත් මේ රටේ කරන්න ඉඩ නොදෙන අන්දමට ක්‍රියාකරන්න පුළුවන් අවශ්‍ය නම්. ඒකනම් ඉල්ලන්නේ අපි ලැස්ති ඒක කරන්න. අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා. එක එක ඒවා ඉල්ලන කොට ටිකක් ප්‍රවේශමෙන් ඉල්ලන්න වෙයි. ඒකටත් අපි ලෑස්ති” ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

අග්නි දිග ආසියාව සතු විශ්වීය ඉදිකිරීම් තාක්ෂණයේ දකුණු ආසියාවේ සම්ප්‍රාප්තිය හෙවත් “අධි වේගී අහස් වියමන” ලෙස සැලකෙන “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) අද පස්වරුවේ ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ.

කොළඹ නගරයට ඇතුළුවන හා පිටවන වාහන හේතුවෙන් කැලණි පාලම ආශ්‍රිතව ඇති වූ අධික රථවාහන තද බදයට පිළියම් වශයෙන් නව ගුවන් පාලම ඉදිකරනු ලැබුවා.

ශ්‍රී ලංකා රජයේත්, ජපාන අන්තර්ජාතික සහයෝගීතා ආයතනයේත්, දායක ත්වයෙන් 2012 වර්ෂයේදී මූලික සැලසුම් සකස් කර 2013 වසරේදී සිදුකරන ලද ශක්‍යතා අධ්‍යනයකින් පසු 2014 වසරේදී  පාලම ඉදිකිරීම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම ද එම වසරේදීම සිදු කෙරුණා.

ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට නිවාස, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙනුවෙන් වෙනත් ස්ථාන ලබාදීමෙන් අනතුරුව 2017 වසරේදී ඉදිකිරීම් ආරම්භ විය.  ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 55,000ක් වැය වී ඇති අතර ඊට ගත වූ කාලය වසර හතරකි.

කොළඹ, කටුනායක අධි වේගී පිවිසුමේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරු 6කින් සහ එතැන් සිට ඔරු ගොඩවත්ත හා ඉඟුරු කඩේ මංස න්ධිය දක්වා මංතීරු 4කින් නව ගුවන් පාලම සමන්විතය. මෙමගින් ඉඟුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය  දක්වා සහ ඔරුගොඩවත්තේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මතින් ඉදිවන අධිවේගී මාර්ගයන්ට ප්‍රවේශ පහසුකම් සැපයේ.

කැලණි ගඟේ ජල බැස්මට කිසිඳු අවහිරතාවක් සිදු නොවන අයුරින් පාලම ඉදිකර තිබීම සහ පරිසර සුන්දරත්වය සුරැකෙන පරිදි කොබොනීල, ඇසළ, මැයි මාර, මී, කුඹුක් ඇතුළු ශාක ප්‍රභේද රාශියක් ප්‍රධාන මාර්ගය දෙපස රෝපණය කර තිබීම සුවිශේෂත්වයක්.

-nethnews lk/ Adaderana lk (News Update : November 24, 2021) වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදී.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න..